26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් දිවයිනට

පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් දිවයිනට

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland ) මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා.

අද සවස 06.30 ට පමණ මහ ලේකම්වරිය සහ දුත පිරිස කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි බව සඳහන්.

ඇය සමග දූත පිරිස ලෙස තවත් තිදෙනකු ද පැමිණ සිටිනවා.

පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම්වරිය ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් උත්සවයට ද සහභාගී වීමට නියමිතයි.

මෙම පිරිස පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.