29 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොහොට්ටුවට කටුගම්පොල විවිධ සේවා සමූපාකාර සමිති නිලවරණයෙන් විශිෂ්ඨ ජයක්

පොහොට්ටුවට කටුගම්පොල විවිධ සේවා සමූපාකාර සමිති නිලවරණයෙන් විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටුගම්පොල විවිධ සේවා සමූපාකාර සමිති නිලවරණයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කර බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිත් ප්‍රකාශ කරනවා.

ඉදිරි වසර තුනක කාලයක් සඳහා නියෝජිතයන් තෝරාගැනීම මෙහිදී සිදුව ඇති අතර, ඊයේ(31) දිනයේයි මෙම ඡන්ද විමසීම සිදුකර තිබුණේ.

මහා සභා නියෝජිතයන් 100 දෙනෙකු තෝරාගෙන තිබූ අතර, ඉන් 70ක් තේරී පත්ව ඇත්තේ පොදුජන පෙරමුණෙන්.26 දෙනෙකු සමගි ජන බලවේගයෙන් තේරී පත්ව ඇති අතර ජාතික ජන බලවේගයෙන් තේරී පත්ව ඇත්තේ 04 දෙනෙකු පමණයි.

එසේම කටුගම්පොල විවිධ සේවා සමූපාකාර සමිතියේ හත් දෙනෙකුගෙන් යුත් නව අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා පොදුජන පෙරමුණෙන් පස් දෙනෙකු තේරී පත්ව තිබෙනවා.