ඡන්දය කල් දැමීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කවර උපක්‍රම යෙදුව ද එය මාර්තු 09 වෙනිදා පැවැත්වීමට සිදුවන බව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක පවසයි.
සමන්තුරේ ඊයේ (31) පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවා.
ජනාධිපතිවරයා භීතියට පත්ව ඇත්තේ රටේ බලය සජිත්ට නොව මාලිමාවට යන නිසා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.