26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට මානව හිමිකම් ගැන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව අද

මෙරට මානව හිමිකම් ගැන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව අද

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සකස් කළ සමාලෝචන වාර්තාව අද (01) එළිදැක්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සඳහන් කළේ ජිනීවා නුවරදී මෙම වාර්තාව එළිදැක්වීමට නියමිත බවයි.

2017 සිට මේ දක්වා මෙරට මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ නිරීක්ෂණ මෙම වාර්තාවට ඇතුළත්ය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙරට මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් රජය එකඟ වූ කරුණු මෙන්ම මානව හිමිනම් කවුන්සිලය ලබා දී ඇති උපමාන ක්‍රියාත්මක වී ඇති ආකාරය සම්බන්ධයෙන්ද අද එළිදැක්වෙන වාර්තාවේ කරුණු ඇතුළත් බවයි.

වාර්තාව එළිදැක්වෙන අවස්ථාවේදී මෙරට වෙනුවෙන් කරුණු දැක්වීමට නිලධාරීන් පිරිසක් මේ වනවිට ජිනීවා වෙත ගොස් ඇති අතර ඒ සඳහා විදේශ අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඇතුළත්ය.