26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහබරාදූව අපරාධ අංශයේ OICගේ වැඩ තහනම්

හබරාදූව අපරාධ අංශයේ OICගේ වැඩ තහනම්

හබරාදුව පොලිස් ස්ථානයට අනුයුක්තව අපරාධ අංශයේ ස්ථානාධිපති වශයෙන් රාජකාරී කරන ලද පහත විස්තර සඳහන් නිළධාරියාට අපකීර්තිදායක ලෙස හැසිරිම හා රාජකාරී පැහැර හැරීමේ චෝදනාවට ගාල්ල කොට්ඨාශ (01) භාර පොලිස් අධිකාරි විසින් 2023.01.29 දින සිට වැඩ තහනමට ලක් කර තිබෙනවා.

නම :- ගංගොඩගම ආරච්චිගේ පියල් ජයශාන්ත
ලිපිනය :- පිටිදුව පාර, මිදිගම, වැලිගම
තනතුර :- උප පොලිස් පරීක්ෂක

ඉහත නිළධාරියා 2023.01.24 වන දින රුසියානු ජාතික කාන්තාවක් විසින් සිදු කරන ලද පැමිණිල්ල පිළිබඳව අප්‍රමාදව විමර්ශන නොකිරිම සහ කොල්ලකන ලද දේපළ පවතින ස්ථාන පිළිබඳව නව තාක්ෂණය මඟින් පැමිනිලිකරුවන් විසින් වරින්වර දැනුවත් කර තිබියදී එම දේපල සොයා ගැනීමට උත්සහ නොකිරීම සහ එම අපරාධය බල අපරාධ ලෙස ලේඛනගත නොකර තිබීම යන කරුණු හේතුවෙන් වැඩ තහනම් කර තිබෙනවා.