― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews2022 මෙරට දූෂිතම වසර බවට අනාවරණයක්

2022 මෙරට දූෂිතම වසර බවට අනාවරණයක්

2021 වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ දූෂිතම වසර 2022 බව අනාවරණය වී තිබේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය 2022 සඳහා දූෂණ සංජානන දර්ශක (CPI) දත්ත උපුටා දක්වමින් මෙම වාර්තාව නිකුත් කර ඇත.

2021 සිට 2022 දක්වා ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම එක ලකුණකින් පහත වැටී ඇති බව එම දත්ත පෙන්වා දෙයි. දූෂණ සංජානන දර්ශකයට අනුව ශ්‍රී ලංකාව රටවල් 180 කින් 101 වැනි ස්ථානයට පත්ව ඇති අතර ලකුණු 36 ක් ලබා ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම සංඛ්‍යාන විශේෂඥයින් සහ සමීක්ෂණ පදනම් කරගෙන සිදු කෙරේ.

දූෂණ සංජානන දර්ශකය ශ්‍රේණිගත කිරීම සඳහා ලකුණු 0 සිට 100 දක්වා පරිමාණයක් භාවිතා කරයි. ඒ අනුව ලකුණු 100ක් දූෂිත නොවන රටක් ලෙසත් ලකුණු 0ක් ඉහළ දූෂිත රටක් ලෙසත් සැලකේ.