32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPTA පනත වහාම ඉවත් කරන්නැයි බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව ඉල්ලයි

PTA පනත වහාම ඉවත් කරන්නැයි බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කළ යුතු බව බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව පවසා තිබේ.

අද (01) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදීයි ඔවුන් මේ බව කියා සිටියේ.

එමෙන්ම ඔවුන් එහිදී පවසා ඇත්තේ සමලිංගික ක්‍රියාකාරකම් අපරාධයක් ලෙස සැලකීම ඉවත්කරන ලෙසයි.

එම කණ්ඩායම විසින් සමාලෝචනය කරනු ලබන රටවල් අතරින් එකක් වන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් 2008, 2012 හා 2017 යන වසරවල දී ද සිදුකර තිබුණි.

රජය විසින් සපයනු ලබන වාර්තා, මානව හිමිකම් ප්‍රවීණයන්ගේ හා කණ්ඩායම්වල වාර්තා, මානව හිමිකම් ගිවිසුම් පිළිබඳ ආයතන, ජාතික මානව හිමිකම් ආයතන, කලාපීය ආයතන හා සිවිල් සමාජ කණ්ඩායම් ඇතුළු පාර්ශ්ව විසින් ලබාදුන් වාර්තා මත පදනම්ව මෙම සමාලෝචනය සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.