27 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකර්මාන්ත සංවර්ධන පනත බලාත්මක කෙරේ

කර්මාන්ත සංවර්ධන පනත බලාත්මක කෙරේ

කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු වුවන්ට සහන සැලසීම සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත බලාත්මක කෙරේ.

මේ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ නියෝජිතයන් සමඟ අද (02)  අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

2014 අංක 33 දරණ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතෙහි ප්‍රතිපාදන යටතේ ඉදිකිරීම් අභ්‍යාස සංවර්ධන ආයතනය, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය බවට පරිවර්තනය කර ඇත. ඉදිකිරීම් කර්මාන්තයේ කටයුතු නියාමනය කිරීම, ලියාපදිංචි කිරීම, විධිමත් කිරීම හා ප්‍රමිතිකරණය කිරීම මෙම පනතෙහි ප්‍රධාන අරමුණ වේ.

ඉදිකිරීම් සංවර්ධන පණත බලාත්මක කිරීම තුළින් ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ට නෛතික පිළිගැනීමක් ලැබෙන බව පෙන්වා දුන් ඇමතිවරයා පසුගිය (27) වෙනිදා මීට අදාළ චක්‍ර ලේඛයක් මෙරට සියලුම රජයේ අමාත්‍යාංශ සහ පළාත් සභා වෙත නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යොමු කර ඇතැයි ද කීවේය.