30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑකම පවුලේ තිදෙනෙක්ට නිල් මැණික් ගල් 05ක් හමුවෙයි

එකම පවුලේ තිදෙනෙක්ට නිල් මැණික් ගල් 05ක් හමුවෙයි

කතරගම – කොච්ච්පතාන ප්‍රදේශයේ එකම පවුලේ තුන්දෙනෙකුට නිල් මැණික්ගල් 05ක් හමුවී තිබේ.

මෙම මැණික් ගල් හමු වී ඇත්තේ කතරගම වන්දනාවේ පැමිණෙන පිරිස් වෙනුවෙන් පූජා භාණ්ඩ අලෙවිකරන වෙළෙන්දන් තුන්දෙනෙකුට වීම විශේෂත්වයකි.

එම ස්ථානය මීට වසර ගණනාවකට පෙර කතරගම – කොච්ච්පතාන ප්‍රදේශයේ මැණික් ඉල්ලම් තිබූ ස්ථානයක් වන අතර මෑතක සිට ජනතාව නැවතත් එම ප්‍රදේශයේ මැණික් ගැරීමට පුරුදුව සිට ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙලෙස මැණික් ගල් හමුවීමේ පුවතත් සමඟ එම ස්ථානයට පැමිණෙන පිරිස වැඩි වී ඇත.

මෙලෙස මැණික් ගල් හමු වූ පුද්ගලයින් තිදෙනා පවසන්නේ අදාළ ස්ථානයේ ඉල්ලම් හාරමින් සිටියදී විශාල පාෂාණ කුට්ටියක් මතු වූ බවත් එය තවදුරටත් පරීක්ෂා කිරීමේදී මෙම නිල් මැණික් ගල් 05 හමු වූ බවත්ය.

මෙලෙස හමු වූ මැණික් ඇලහැර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් කෝටි පහක මුදලකට අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.