― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalනිදහස් දිනය සමරන්න බැරි රටකට අනාගතයක් නැහැ

නිදහස් දිනය සමරන්න බැරි රටකට අනාගතයක් නැහැ

නිදහස් දින සැමරීමට නොහැකි රටකට අනාගතයක් නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් ත්‍රස්තවාදී තර්ජන නොතකා එදා නිදහස් දිනය සැමරූ බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කලේ ඊයේ (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අපේ රටේ නිදහස් අරගලයේදී දිවි පිදූ සියලුම රණවිරුවන්ට අපගේ ප්‍රණාමය පුද කරනවා. මේ නිසා අපි බොහෝ දුෂ්කරතා මැද නිදහස් දිනය සමරන අතර නිදහස් දින සැමරීමෙන් වළකින ලෙස විපක්ෂයේ බොහෝ පක්ෂවලින් ඉල්ලා සිටිමු. නිදහස සමරන්න බැරි ජාතියකට අනාගතයක් නැහැ. මහින්ද රාජපක්ෂ නිදහස් දිනය සැමරුවේ ත්‍රස්තවාදී තර්ජන මධ්‍යයේ අපේ ඉතිහාසයේ අඳුරු යුගයකයි. කා වෙනුවෙන්ද? ජාතියේ අනාගතය වෙනුවෙන්. ඉතින් අපි නිදහස් දිනය සමරන අතර මේ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර අවසන්.