29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිදහස සමරන්න රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් ලංකාවට

නිදහස සමරන්න රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් ලංකාවට

75 වන නිදහස් සැමරුම් උළෙලට සහභාගී වීම සදහා විදේශ රටවල අමාත්‍යවරුන්, තානාපතිවරුන් සහ රාජ්‍ය දූත කණ්ඩායම් රැසක් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කටුනායක ගුවන්තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කර තිබෙනවා.

ඒ අතරින් මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණියේ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මියයි. ඇය තම දූත පිරිස සමග පෙරේදා (01) මෙරටට ළඟා වුණා.
අනතුරුව අද බංගලාදේශ විදේශ අමාත්‍ය අබ්දුල් මොබන්, ජපාන විදේශ කටයුතු අමාත්‍ය ටකේ සුන්සුකේ, භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බින් රායි යන මහත්වරුන් සිය දූත පිරිස් සමග කටුනායක ගුවන් තොටුපළ ඔස්සේයි ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ.

රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස් ලෙස ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මීට අමතරව නිදහස් උළෙලට සහභාගී වීම සදහා තානාපති නිලධාරීන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ටියුනීසියාව, මොරොක්කෝව, බොට්ස්වානා, නේපාලය, පෝලන්තය, ලැට්වියාව, කසකස්තානය, ඝානාව, ගැම්බියාව, ඉන්දුනීසියාව, මාලි රාජ්‍යය, මොසැම්බික්, සර්බියාව, උගන්ඩාව, ඊශ්‍රායලය, සෙනගාලය, පිලිපීනය, ඉතාලිය සහ නයිජීරියාව යන රටවල තානාපති නිලධාරීන් වනවා.