― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමහජන මුදලින් නඩත්තු වන රටේ ජනාධිපතිලාගේ වාහනවලට සල්ලි වෙන්වෙන හැටි

මහජන මුදලින් නඩත්තු වන රටේ ජනාධිපතිලාගේ වාහනවලට සල්ලි වෙන්වෙන හැටි

2023 වසර සඳහා හිටපු රාජ්‍ය නායකයින් නඩත්තු කිරීම සඳහා මිලියන ගණනක මුදලක් වෙන් කර ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනපතිවරුන්ගේ මන්දිර සහ වාහන නඩත්තු කිරීම සඳහා එම ප්‍රතිපාදනවලින් වැඩි ප්‍රමාණයක් වෙන් වී තිබීම විශේෂත්වයකි.

ඒ අනුව චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ සහ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ වැන්දඹු බිරිඳ වන හේමා ප්‍රේමදාසටද මේ යටතේ අයවැය ප්‍රතිපාදන ලැබී තිබේ.

භාණ්ඩාගාර දත්ත වාර්තාවලට අනුව 2023 වසර සඳහා අතීත රාජ්‍ය නායකයින්ට වෙන් කර ඇති ප්‍රතිපාදන මිලියන ගණනකින් වැඩි වී තිබෙනවා.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව 2023 වර්ෂය සඳහා චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියට විශ්‍රාම ප්‍රතිලාභ ලෙස රුපියල් ලක්ෂ 117 ක් වෙන් කර ඇති අතර වෙනත් වියදම් යටතේ හිටපු ජනාධිපතිනියට 2023 වසර සඳහා තවත් රුපියල් ලක්ෂ 300ක් හා ප්‍රාග්ධන වියදම් යටතේ හිටපු ජනාධිපතිනියට ‘ගොඩනැගිලි සහ ව්‍යුහයන්’ යටතේ තවත් රුපියල් ලක්ෂ 100ක් වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විශ්‍රාම ප්‍රතිලාභ ලෙස රුපියල් ලක්ෂ 117ක්ද, වෙනත් වියදම් යටතේ 2023 වසර සඳහා තවත් රුපියල් ලක්ෂ 110ක්, වාහන සඳහා රුපියල් මිලියන 10 ක දැවැන්ත මුදලක් හා ප්‍රාග්ධන වියදම් යටතේ රුපියල් මිලියනයක් වෙන් කර තිබේ.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මේ වන විට පදිංචිව සිටින්නේද රජය විසින් රුපියල් මිලියන 800ක අතිවිශාල මුදලක් වැය කොට පිළිසකර කළ කොළඹ 7 විජේරාම පාරේ නිවසේයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විශ්‍රාම ප්‍රතිලාභ වශයෙන් රුපියල් ලක්ෂ 117ක්,
වෙනත් වියදම් යටතේ තවත් රුපියල් මිලියන 11ක්, ප්‍රාග්ධන වියදම් යටතේ තවත් රුපියල් මිලියන‍යක්, වාහන නඩත්තුව සඳහා රුපියල් මිලියන 10 ක දැවැන්ත මුදලක්
වෙන් කර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විශ්‍රාම ප්‍රතිලාභ ලෙස රුපියල් මිලියන 11.7ක් වෙන් කර ඇති අතර වෙනත් වියදම් යටතේ තවත් රුපියල් මිලියන 10ක්, ප්‍රාග්ධන වියදම් යටතේ රුපියල් මිලියනයක්, වාහන සඳහා රුපියල් ලක්ෂ 20ක් වෙන්කර තිබේ.

දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසටද මහා භාණ්ඩාගාරයෙන් රුපියල් 780,000ක් විශ්‍රාම ප්‍රතිලාභ ලෙස වෙන් කර ඇති අතර
වෙනත් වියදම් යටතේ රුපියල් ලක්ෂ 15ක්, ප්‍රාග්ධන වියදම් යටතේ තවත් රුපියල් මිලියන‍යක් හා වාහන නඩත්තුව සඳහා රුපියල් ලක්ෂ 50ක දැවැන්ත මුදලක් වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.