29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමිහින්තලා පුදබිමේ ආරක්ෂාව ඉවත් කරලා

මිහින්තලා පුදබිමේ ආරක්ෂාව ඉවත් කරලා

ඓතිහාසික මිහින්තලා පුදබිමේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්, යුධ හමුදා සෙබළුන් කිසිඳු දැනුම්දීමකින් තොරව ඉවත් කර ඇති බවට මිහින්තලේ රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ චෝදනා කරති.

උන්වහන්සේ පවසන්නේ මිහින්තලා පුදබිමේ ඉදිකිරීම් කටයුතු සඳහා යුද හා නාවික හමුදාව ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් පිරිසක් යොදවා සිටි බවයි.

මේ වනවිට කිසිදු දැනුම් දැනුම් දීමකින් තොරව මෙම සෙබළුන් ඉවත් කිරීම පිළිබඳව විශාල ගැටළුවක් පැන නැගී ඇති බවයි උන්වහන්සේ පවසන්නේ.

මෙසේ සිදු වීමට හේතුව ජාතික හෝ ජාත්‍යන්තර මැදිහත්වීමක් දැයි උන්වහන්සේ කරුණු විමසයි.

මේ වන විට ධාතු මන්දිරය ඇතුළු ගොඩනැගිලි සංවර්ධනය නාවික හමුදාව, යුධ හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටවරුන් විසින් සිදුකරමින් පවතින මොහොතක එම කටයුතුවලින් එම ආරක්ෂක අංශ ඉවත් කිරීම බෞද්ධ ආගම වෙනුවෙන් රජය සිදුකරනුයේ නොසලකා හැරීමක් බවද නායක හිමියන් පවසයි.

මිහින්තලා පුදබිමෙහි යනවා ඇති ආරක්ෂක අංශ ඉවත් කිරීම සම්බන්ධයෙන් සහ ඊට නියෝග ලබා දුන් පුද්ගලයන් කවුද යන වගත් මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම්දීමක් සිදු කරන ලෙසත් එම වගකිවයුත්තන්ගෙන් නායක හිමියන් ඉල්ලා සිටී.