25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංවිමට එරෙහි පැමිණිල්ල අද විභාගයට

ලංවිමට එරෙහි පැමිණිල්ල අද විභාගයට

ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කළ අපහාස පැමිණිල්ල අද (03) පෙරවරු 11.30ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතයි.

මේ අතර මෙම පැමිණිල්ල විභාගයට ගන්නා එතෙක් විදුලිය කප්පාදු කිරීමක් නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණා. උසස් පෙළ විභාගය පවතින කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකොට අඛණ්ඩව සැපයීමට තිබෙන හැකියාව පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් සිය ස්ථාවරය අද (03) දිනයේ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමට නියමිතයි.