29 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොහාන්ගේ ආන්දෝලනාත්මක බන්ධනාගාර සංචාරය ගැන නියෝගයක්

ලොහාන්ගේ ආන්දෝලනාත්මක බන්ධනාගාර සංචාරය ගැන නියෝගයක්

හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවල සිදු කළ ආන්දෝලනාත්මක සංචාර පිළිබඳ විමර්ශන වාර්තාව නිකුත් කරන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව ඊයේ (02) බන්ධනාගාර අමාත්‍යාංශයට නියෝග කළේය.

2021 සැප්තැම්බර් මාසයේදී ලොහාන් රත්වත්තේ සිය මිතුරන් පිරිසක් සමඟ රාත්‍රී කාලයේදී බීමතින් වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට කඩා වැදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කරන්නැයි සමාජය හා සාමයික ක්‍ර්‍ර්න්ද්‍රය (CSR) තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවෙන් කළ අභියාචනයක් සලකා බලමිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

විමර්ශනයට අදාළ කොමිෂන් සභා වාර්තාවේ තොරතුරු ජනතාවට හෙළි නොකළ යුතු බව කැබිනට් මණ්ඩලය විසින් නියෝග කර ඇති බවට පවසමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

කෙසේ වෙතත්, අදාල විමර්ශන වාර්තාව රහසිගත ලේඛනයක් නොවන බැවින් එය පෙබරවාරි 23 ට පෙර තොරතුරු අයදුම්කරු වෙත නිකුත් කරන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව නිර්දේශ කොට තිබේ.