32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසිරකරුවන් රැසකට නිදහසේදී පොදු සමාව ලැබෙයි

සිරකරුවන් රැසකට නිදහසේදී පොදු සමාව ලැබෙයි

75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිරිසකට ජනපති විසින් පොදු සමාව ලබා දී තිබේ.

ඒ අනුව පෙබරවාරි 4 වැනිදාට බන්ධනාගාරගතව වසරක් ගතවන්නේ නම් දින 21ක සමාවක් හිමිවන අතර දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින සිරකරුවන්ගේ ගෙවමින් පවතින ඉතිරි දඬුවම් කාලය අහෝසි කිරීම සිදුවනු ඇති.

ඊට අමතරව වසර 40ක් හෝ ඊට වැඩි සිර දඬුවමක් නියම කර හෙට දිනය වන විට එම දඬුවමින් වසර විස්සක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉතිරි කාලය අහෝසි කිරීමද සිදු වේ.

අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසන්නේ එලෙස පොදු සමාවට සුදුසුකම් ලබන සියලු සිරකරුවන් හෙට දිනයේදී බන්ධනාගාරවලින් නිදහස් කිරීමට කටයුතු කෙරෙන බවයි.