29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉන්ධන පිරවුම්හල් සේවකයා තෙල් සල්ලි අරන් ගිහින් බූරු ගහලා

ඉන්ධන පිරවුම්හල් සේවකයා තෙල් සල්ලි අරන් ගිහින් බූරු ගහලා

පූගොඩ නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක පොම්පකරුවෙකු පිරවුම්හලේ රුපියල් 270,000ක මුදලක් රැගෙන සුදූ කෙළීමට ගොස් ඇති පවතක් වාර්තා වනවා.

අදාළ පොම්පකරු විසින් ඉන්ධන අලෙවිය මඟින් උපයාගන්නා බව කියන මුදල එහි කළමණාකාරීත්වයට භාරනොදී මෙලෙස රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 02 වනදා රාත්‍රී සේවා මුරයේ කටයුතු කර ඇති මෙම පුද්ගලයා පසුදින (03) උදෑසන මුදල් ලබානොදී මෙලෙස පලාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් පිරවුම්හලේ කළමණාකාරීත්වය විසින් පෙරේදා (03) පූගොඩ පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

අදාළ පොම්පකරු පූගොඩ ප්‍රදේශයේම පදිංචි විවාහකයෙක් වන අතර, ඔහු මේ වනවිය ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම පොම්පකරු තදින්ම සූදු ක්‍රීඩාවට (බූරුවා ගැසීමට) ඇබ්බැහි වී සිටින අයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

පූගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වනවිටත් විමර්ශන ආරම්භකර තිබෙනවා.