28 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට සැකපිට තරුණයෙක් අත්අඩංගුවට

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට සැකපිට තරුණයෙක් අත්අඩංගුවට

පැලවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් තරුණයෙක් කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 27 හැවිරිදි සැකකරුවෙකි.

බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක පිහිනුම් තටාකයේ තිබී එම නිවසෙහි හිමිකරු වන ව්‍යාපාරිකයෙකුගේ මළසිරුරක් පසුගිය 02 වනදා සොයාගැනුණි.

මෙලෙස මියගොස් තිබුණේ ප්‍රකට රෙදිපිළි අලෙවිසැල් ජාලයක හිමිකරුවෙකි.

ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙකි.