27.8 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටි එකහමාරක් වටිනා පිළිම තුනක් විකුණන්න හැදූ පිය පුතු දෙපළ අත්අඩංගුවට

කෝටි එකහමාරක් වටිනා පිළිම තුනක් විකුණන්න හැදූ පිය පුතු දෙපළ අත්අඩංගුවට

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් බුදු පිළිම තුනක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දඹුල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ සවස මකුළුගස්වැව ප්‍රදේශයේදීයි ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ බුදු පිළිම සොයා ගැණුනේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දේවහූව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 සහ 50 වයස්වල පසුවන්නන්.

මෙම සැකකරුවන් දෙදෙනා පියා සහ පුත්‍රයා වන බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇති අතර නිධානයකින් ගත් බුදු පිළිම බව පවසමිනුයි සැකකරුවන් දෙදෙනා මෙම පිළිම අලෙවි කිරීමට සූදානම් වී ඇත්තේ.

ඒ රුපියල් කෝටි එක හමාරක මුදලකටයි.

මෙම සැකකරුවන් දෙදෙනා පැමිණි ත්‍රී රෝද රථය ද පොලිස් භාරයට ගනු ලැබුවා.

ලැබුණු තොරතුරට අනුව ගැණුම්කරුවන් ලෙසට පොලිස් කණ්ඩායමක් ගොස් වැටලීම සිදුකර ඇති බව සඳහන්.

සැකකරුවන් අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දඹුල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.