30 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ල විවෘත කෙරේ

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ල විවෘත කෙරේ

ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අනුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම අඩිය බැගින් විවෘත කිරීමට කටයුතු කළ බවයි පොළොන්නරුව කලාපය භාර වාරිමාර්ග කාර්යාලය සඳහන් කළේ.

මේ අනුව පරාක්‍රම සමුද්‍රයෙන් තත්පරයට ඝන අඩි 1400ක ජල ප්‍රමාණයක් අඹන්ගඟ ඔස්සේ මහවැලි ගඟට මුදා හැරෙනවා.

මේ හේතුවෙන් මහවැලි ගඟ අවට පහත් බිම්වල ජීවත් වන ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙස පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙනවා.