― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාකිස්ථානයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ෆර්වේස් මුෂාරෆ් අභාවප්‍රාප්ත වෙයි

පාකිස්ථානයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ෆර්වේස් මුෂාරෆ් අභාවප්‍රාප්ත වෙයි

පාකිස්ථානයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෙනරාල් පර්වේස් මුෂාරෆ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දිගුකාලයක් අසනිප තත්වයෙන් පසුවූ ඔහු ඩුබායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (05) මියගොස් ඇත්තේ.වසර අටකට ආසන්න කාලයක් ඩුබායි හි ජීවත්වූ පර්වේස් මුෂාරෆ් දුර්ලභ රෝග තත්ත්වයකින් පීඩා විඳ ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔහුට පාකිස්ථාන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් මගින් 2019 වසරේ දෙසැම්බර් මස 17 වනදා මරණ දඬුවම නියම කරනු ලැබුවේ 2007 වසරේදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කර රාජ්‍යද්‍රෝහි ක්‍රියාවක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන්.

2016 වසරේදි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහුට විදේශ ගත වීමට අවසර හිමිවුණා.ඒ අනුවයි මුෂාරෆ් මේ දක්වා ඩුබායි රාජ්‍යයේයි රැඳී සිට ඇත්තේ.

1999 වසරේදි හමුදා කුමන්ත්‍රණයකින් පාකිස්ථානයේ බලය අල්ලා ගත් පර්වේස් මුෂාරෆ් 2001 වසරේ සිට 2008 දක්වා පාකිස්ථානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.