27.8 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාර්ලිමේන්තු ඇතුළත මාර්ගවල අධික වේගයෙන් වාහන ධාවනය තහනම්

පාර්ලිමේන්තු ඇතුළත මාර්ගවල අධික වේගයෙන් වාහන ධාවනය තහනම්

පාර්ලිමේන්තුව පිහිටි භුමියේ ඇතුළත මාර්ගවල වාහන ධාවනයේ දී පැයට කිලෝමීටර 40ට අඩු වේගයක් පවත්වා ගෙන යන ලෙස වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු උපදෙස් ලබා දී තිබෙනවා.

මෙලෙස වාහන අධික වේගයෙන් ධාවනය කිරීමේ දී දියවන්නාව තෙත්බිම් කලාපයේ වෙසෙන පක්ෂීන්ට, පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසල් දරුවන්ට අනතුරු සිදුවිය හැකි බැවින් මෙම උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් වාහන පාර්ලිමේන්තුව ඇතුළත මාර්ගවල අධික වේගයෙන් ධාවනය කරන බවට තමා වෙත තොරතුරු වාර්තා වී ඇති බව ද වේත්‍රධාරීවරයා සඳහන් කර සිටියා.