23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපුතාගේ අනියම් සම්බන්ධය නිසා මවකට දිවි අහිමි වෙයි

පුතාගේ අනියම් සම්බන්ධය නිසා මවකට දිවි අහිමි වෙයි

ඇඹිලිපිටිය ආයුර්වේද මාර්ගයේ තිබූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

ඊයේ උදෑසන ඇඹිලිපිටිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි මෙම මරණ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කෙරුණේ.

මියගොස් ඇත්තේ වීරියගම ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි මවක්.

මෙම කාන්තාවගේ දියණිය පෙරේදා (03) පොලිසියට පැමිණිලි කර ඇත්තේ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තුන් දෙනෙකු මව පැහැරගෙන ගිය බවයි.

ඇයගේ පුත්‍රයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ හෝටලයක සේවය කරන අතර එහි හිමිකරුගේ බිරිඳ සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවකින් අනතුරුව ඔවුන් පළාගොස් ඇතැයි හෙළිවී තිබෙනවා.

ඔවුන් දෙදෙනා සොයා හෝටලයේ හිමිකරු සහ තවත් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් පැමිණ මෙම කාන්තාව පැහැරගෙන ගොස් ඇති බවටයි වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඇඹ්ලිපටිය සහ සූරියවැව පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.