23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWeatherඅදත් දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි

අදත් දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි

නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇති වන බවත් බස්නාහිර සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

කොළඹ, කළුතර සහ ගාල්ල දිස්ත්රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියා.