― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉදිරියේදී ජලභීතිකාව සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකියි

ඉදිරියේදී ජලභීතිකාව සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකියි

වර්තමානයේ පවතින තත්ත්වය අනුව ඉදිරි දිනවල රට පුරා ජලභීතිකා රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

හෙතෙම මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය.

“පසුගිය කාලය තුළ මෙරට ජලභීතිකා රෝගය හේතුවෙන් සිදුවන මරණ අවම කර ගැනීමට ප්‍රධානතම හේතුව වුනේ සාර්ථක එන්නත් වැඩ සටහනක් බිම් මට්ටමේ ක්‍රියාත්මක වීම නිසයි. නමුත් අවසනාවන්ත ලෙස මේ වනවිට ජලභීතිකා රෝගය පාලනය කිරීම සඳහා සුනඛයින් එන්නත් කිරීම අඩාල වී තිබෙනවා. සුනඛයින් සඳහා ලබා දෙන එන්නත්වල ඇති හිගය එයට හේතුව වී තිබෙනවා. සාමාන්‍ය ආකාරයට සුනඛයින් සඳහා වසරකට වරක් එන්නත් ලබාදිය යුතු වුවත් පසුගිය මාස කීපය තුළම එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වුනේ නෑ.

රට පුරා පැතිර ගිය කොවිඩ් හේතුවෙන් මාස 05ක පමණ කාලයක් මෙම වැඩ සටහන අක්‍රීය වී තිබුණා. එමෙන්ම ඉන්ධන ගැටළුව නිසා පසුගිය මාසයක පමණ කලයක් සුනඛයින් එන්නත් කරන වැඩ සටහන ක්‍රියාත්මක වුනේ නෑ. මෙම තත්ත්වය නිසා අපිට කියන්න පුළුවන් වන්නේ සුනඛයින් එන්නත් කිරීම පසුගිය කාලය තුළ විශාල වශයෙන් කඩා වැටුණු බවයි. මෙම තත්ත්වය නිසා ඉදිරි කාලය තුළ ජල භීතිකා මරණ වාර්තා වීමේ වැඩි වීමක් ඇති විය හැකි බවටයි අපි සැක පහල කරන්නේ. මෙම තත්ත්වය නිසා අපි මහජනතාවට අනතුරු හැගවීමක් කර සිටිනවා සුනඛ සපා කෑම්වලින් හැකි තරම් දුරට වැළකී සිටින ලෙස. එමෙන්ම කිසියම් සැක සහිත සුනඛ සපා කෑමක් සිදු වුවහොත් ළගම පිහිටි රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත් අපි මතක් කර සිටිනවා.

කෙසේ වෙතත් අපි රජයේ බලධාරීන්ට කියා සිටින්නේ ජල භීතිකා රෝගය මෙරට පැතිර යාම පාලනය කිරීමට නම් කළ යුතු එකම දේ වන්නේ අවශ්‍ය කරන එන්නත් කඩිනමින් මෙරටට ගෙන්වා බිම් මට්ටමට ලබා දීම බවත් මතක් කරන්න කැමතියි.”