― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඔනේෂ් සුබසිංහගේ මරණය ගැන නිවාස සංකීර්ණයේ CCTV දර්ශනවලින් අලුත් සාක්ෂියක්

ඔනේෂ් සුබසිංහගේ මරණය ගැන නිවාස සංකීර්ණයේ CCTV දර්ශනවලින් අලුත් සාක්ෂියක්

ඉන්දුනීසියාවේ ජකර්තා හි මහල් නිවාසයකදී අබිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබේ.

ජකර්තා පොලීසිය පවසන්නේ ඔහුගේ මරණය ඝාතනයක් බවට සැක කෙරෙන බවය.

ඔහු මෙලෙස මරණයට පත්ව ඇත්තේ සිය බිරිඳ, දියණිය සහ තවත් කාන්තාවක් සමග කෙටි නිවාඩුවක් සඳහා ඉන්දුනීසියාවේ විනෝද චාරිකාවක නිරතව සිටි අතරතුරය.

ඔනේෂ් සුබසිංහ මහතා, සිය බ්‍රසීල ජාතික බිරිඳ වන රෝසා සිල්වා, සිව් හැවිරිදි දියණිය සහ බ්‍රසීල ජාතික මෙහෙකාර කාන්තාව සමඟ ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් තිබුණේ ඉකුත් ජනවාරි 20 වනදාය.

ඔහු ව්‍යාපාර කටයුතු වෙනුවෙන් සිය කාර්යාලයේ නිලධාරීන් සමග එරට සිට වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ වී තිබුණත් ජනවාරි 31 වනදා සිට ඔවුන්ට ඔහුව සම්බන්ධ කරගැනීමට හැකිව නොමැති බව අනාවරණය වී තිබේ.

මෙවන් පසුබිමක ජකාර්තාහි මහල් නිවාස සංකීර්ණයේ සුබසිංහ මහතා සිටි නිවාසය වසා දමා තිබීම ගැන සැකසිතී එහි සේවකයින් දොර විවෘත කර බැලීමේ දී ඔහුගේ මළ සිරුර එහි තිබී සොයාගෙන ඇත.

නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය සීසීටීවී පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ ජනවාරි 31 වන අඟහරුවාදා ඔනේෂ් සුබසිංහ මහතාගේ බිරිඳ,
සිව් හැවිරිදි දියණිය සහ මෙහෙකාර කාන්තාව එහි දොරෙහි “DON’T DISTURB” යන පුවරුව එල්ලා ඉන් පිටව යන ආකාරයයි.

කෙසේවෙතත් ඔවුන් මේ වන විට රැඳී සිටින ස්ථානය පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.