27.8 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටිපති ව්‍යාපාරිකයාගේ ඝා+තනය ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝා+තනය ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්

පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටිය දී හමු වූ කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයට ලක්ව ඇත්තේ මොට ආයුධයකින් හිසට සිදුකළ පහරදීමකින් බව මරණ පරීක්ෂණයෙන් හෙළිව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව සඳහන් කරනවා.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 27 හැවිරිදි සැකකරු සහ මෙම ව්‍යාපාරිකයා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු මෙම පහරදීම සිදුව ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පහරදීමේදී ව්‍යාපාරිකයා පිහිනුම් තටාකයට වැටී ඇති බව විමර්ශන වලදී අනාවරණය ඇති බවයි අද (06) පස්වරුවේ මාධ්‍වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ.

මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ 27 හැවිරිදි සැකකරුවෙක් සහ 21 හැවිරිදි සැකකාරියක් ඊයේ (05) කඳාන ප්‍රදේහයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.