31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඡන්දෙට වියදම් කළොත් රාජ්‍ය සේවක පඩි, පෙන්ෂන්, සමෘද්ධිය ප්‍රමාද වෙයි!

ඡන්දෙට වියදම් කළොත් රාජ්‍ය සේවක පඩි, පෙන්ෂන්, සමෘද්ධිය ප්‍රමාද වෙයි!

මැතිවරණයට හෝ වෙනත් වියදමක් සඳහා මුදල් වැය කළහොත් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි ඇතුළු සහනාධාර දීමනා ප්‍රමාද කිරීමට සිදුවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මේ මොහොතේ අත්‍යවශ්‍ය වියදම්වලට මුදල් කළමනාකරණය සිදු කරන්නේ ඉතා අසීරුවෙන් හා අපහසුවෙන් බවයි.

එමෙන්ම අත්‍යවශ්‍යම කටයුතු හැරුණු කොට වෙනත් කිසිම පරිබාහිර කටයුත්තක් සඳහා මුදල් වියදම් කිරීමේ හැකියාවක් මේ වන විට මහා භාණ්ඩාගාරයට නැති බවයි ඔහු කියා සිටින්නේ.

මේ වනවිට රටට ලැබෙන ආදායමට වඩා දෙගුණයක් වැය බරක් මහා භාණ්ඩාගාරයට දරන්නට වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.

https://www.facebook.com/watch/?v=701546561423052