23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි?

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි?

නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කිරිම අද (06) දිනයේදී සිදුකරන බවයි සභාපතිවරයා පවසන්නේ.

සභාපතිවරයා අවධාරණය කරන්නේ මෙම ආයතනයේ සිදු වූ වංචා දූෂණ මුළුමනින්ම නතර කිරීමට තමා ගත් උත්සහය දරාගැනීමට නොහැකි වූ සේවක පිරිසක් තමාව මේ තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් එම පිරිසගේ දැඩි බලපෑම මත ඇමතිවරයාටද කරකියා ගත නොහැකි තත්ත්වක් උදා වී ඇති බවයි.

කෙසේ නමුත් ආයතනය සහ ආයතනයෙන් සේවාව ලබා ගැනීමට පැමිණෙන මහජනතාව අපහසුතාවට පත් නොකර සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි හෙතෙම පවසන්නේ.