ශ්‍රී ලංකාවේ ඔපෙක්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සහ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ඔනේෂ් සුබසිංහ (45) මියගොස් තිබේ.
ඔහුගේ සිරුර ඊයේ (5) ඉන්දුනීසියාවේ ජකර්තා නුවර මහල් නිවාසයක තිබී සොයා ගනු ලැබීය.
ව්‍යාපාරිකයා සහ ඔහුගේ පවුලේ අය ජකර්තා නුවර සංචාරයක යෙදී සිටියදී මෙම සිද්ධිය සිදුව තිබේ. සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ජකර්තා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.