28 C
Colombo
Wednesday, September 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතුර්කියේ භූ කම්පනයෙන් ලාංකිකයින්ට හානියක් නැහැ

තුර්කියේ භූ කම්පනයෙන් ලාංකිකයින්ට හානියක් නැහැ

තුර්කියට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් කිසිඳු ශ්‍රී ලාංකිකයෙක්ට හානියක් සිදුව ඇති බවට මේ දක්වා වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසයි.

කෙසේ වෙතත් අමාත්‍ය්වරයා අවධාරණය කළේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසුවන බවයි.

අද අලුයම දකුණු තුර්කියේ ගැසින්ටෙප් ප්‍රදේශය ආසන්නයේ රික්ටර් මාපක 7.8ක භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 500 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

තුර්කියෙන් සහ සිරියාවෙන් මෙම මරණ වාර්තා වී ඇති අතර මෙම භූ කම්පනය සයිප්‍රස්, ග්‍රීසිය, ජෝර්දානය, ලෙබනනය, සිරියාව ඇතුළු රටවල් රැසකට දැනී ඇති බවයි වාර්තා වන්නේ.