27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදර්ශන හඳුන්ගොඩ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත

දර්ශන හඳුන්ගොඩ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත

යූටියුබ් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩ ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී ඊයේ (05) දින රාත්‍රී කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී පරිගණක අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව පැවසුවා.

ඔහු 02/05 දින රාත්‍රී 09.55 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුනා.

ඉකුත් 05/09 දින අරලියගහ මන්දිරයට පහර දීම සිදුවීමට ආසන්න අවස්ථාවකදී , එම ස්ථානය ඉදිරිපිට සිට ඒ පිළිබඳ ජනතාව කුපිත වන ආකාරයේ වැඩසටහනක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශනය කිරීමේ චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව අවස්ථා දෙකකදී කොළඹ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත කැදවා ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර ඉන්පසුව දර්ශන හදුන්ගොඩ ඩුබායි බලා පිටත්ව ගොස් තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී යූටියුබ් මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩ අත්අඩංගුවට ගත් සැනින් කොළඹ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබෙනවා.