― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපුවක් වගාකර ඩොලර් ගේන්න සැරසෙයි

පුවක් වගාකර ඩොලර් ගේන්න සැරසෙයි

දෙවසරක් තුළ රට පුරා පුවක් පැළ ලක්ෂ පහක් වගා කිරීමේ වැඩසටහනක් මෙරට ප්‍රමුඛ කෘෂිභෝග අපනයන සමාගමක් වන වයඹ සමූහ ව්‍යාපාරය මගින් ආරම්භ කර ඇත.

පුවක් වගාවට යෝග්‍ය ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය ‘වයඹ පුවක් අරුණ’ ලෙස නම් කර ඇති අතර එය වැවිලි කර්මාන්ත සහ කෘෂිකර්ම අමාත්‍යාංශවල මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කෙරේ.

පුවක්, කරුංකා මෙරට අපනයන භෝගයක් වන අතර කරුංකා සඳහා ආසියානු කලාපය තුළ ඇති ඉල්ලුම අනුව මෙරට වාර්ෂික පුවක් අස්වැන්න සිව් ගුණයකින් පමණ ඉහළ නැංවිය යුතු බවත්, ඉදිරි වසර හය තුළ දේශීය පුවක් අස්වැන්න ඉහළ නැංවීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බවත්, වයඹ සමූහ ව්‍යාපාරයේ කෘෂිකර්ම ව්‍යාපෘති අධ්‍යක්ෂ නිමල් වීරතුංග මහතා පැවසීය.

ඉන්දියාව, පකිස්තානය, මැද පෙරදිග ආදී රටවලින් ලැබෙන පුවක් ඉල්ලුම සපුරාලීමට හැකි වුවහොත් වාර්ෂිකව ඩොලර් කෝටි 10ක විදේශ විනිමයක් උපයාගත හැකි බවත් වගාකරුවන්ට ද ඉහළ මිලක් උපයා ගැනීමට හැකිවනු ඇතැයි ඔහු සඳහන් කළේය.

මෙම පුවක් පැළ ගෙවතු මට්ටමෙන් වගා කිරීමට සැලසුම් කර ඇති අතර, අස්වැන්න මිල දී ගැනීම සඳහා වෙළෙඳ ගිවිසුම් ක්‍රමය හඳුන්වා දීමට ද සමාගම පියවර ගෙන ඇතැයි ඔහු කීවේය.