28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර පාලන මිල ගැන අලුත් ගැසට් එකක්

බිත්තර පාලන මිල ගැන අලුත් ගැසට් එකක්

බිත්තර සඳහා නව පාලන මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කර තිබෙන බව අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා.

බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ඉකුත් අගෝස්තු මස නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ගොනුකළ පෙත්සම අද කැඳවූ ලැබූ අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මෙම දැනුම් දීම සිදු කළා.

ඒ අනුව සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක් ද රතු බිත්තරයක් සඳහා රුපියල් 46 ක් වශයෙන් පාලන මිල නියම කර තිබෙන බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශවය පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවත් දන්වා සිටියා. එහිදී පරිභෝග සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් අගෝස්තු මාසයේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ බිත්තර පාලන මිල පිළිබඳ ගැසට් නිවේදනය අධිකරණය විසින් අත්හිටුවීම නිසා බිත්තර නිෂ්පාදකයින් රුපියල් මිලියන විස්සකට වැඩි අයුතු ලාභයක් ලබා ගත් බව සඳහන් කර සිටියා.

ඒ අනුව මෙම පෙත්සම ඉල්ලා අස් කර ගන්නේ නම් ආදර්ශ නඩු ගාස්තුවකට යටත්ව එම ඉල්ලීමට ඉඩ දෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලීම් කළා. අනතුරුව එම ඉල්ලීම පිළිබඳ විභාගය මාර්තු මස 30 වනදා සිදු කරන බවත් අධිකරණයට නියම කළා.