26.7 C
Colombo
Friday, December 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමල් කඩන්න ගිය වයෝවෘද්ධ මවක් බස් රථයක හැපී ජීවිතක්ෂයට

මල් කඩන්න ගිය වයෝවෘද්ධ මවක් බස් රථයක හැපී ජීවිතක්ෂයට

අද අළුයම (06) පිළියන්දල මිරිස්වත්ත හන්දිය ප්‍රදේශයේදී සුඛෝපබෝගී බස්රථයක ගැටීමෙන් වයෝවෘද්ධ කාන්තාවක් මිය ගිය බව පිලියන්දල පොලිසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි සිව් දරු මවකි.

මෙම වයෝවෘධ මව නිවසේ සිට මාර්ගය ඉදිරිපස ප්‍රතිවිරුද්ධ දිසාවට මල් කැඩීමට ගොස් යළි නිවස කරා මාර්ගය හරහා පැමිණිමෙන් සිටියදී පිළියන්දල සිට කැස්බෑව දෙසට ගමන් ගත් ජාත්‍යන්තර පාසලකට අයත් සුඛෝපභෝගී බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසනවා.

බස්රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිදුවූ අනතුර සීසීටිවී කැමරාවක සටහන් වී ඇති අතර බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන, අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පිළියන්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.