27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් අයෙක් ජීවිතක්ෂයට

මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් අයෙක් ජීවිතක්ෂයට

කඹුරුගමුව බොරොල්ල පාර දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් මාතර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් එහි රියැදුරා ජීවිතක්ෂයට පත්ව තිබේ

අද (06) සවස මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ දෙනිපිටියේ පදිංචිව පුබුදු ප්‍රියංක (41) නමැති එක්‌දරු පියෙක් වන අතර ඔහු විසින් පදවා ගෙන පැමිණි මෝටර් රථය දුම්රිය හරස් මාර්ගය පසු කිරීමට උත්සාහ කරනවාත් සමගම දුම්රියේ ගැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට රැගෙන එනවිටත් මිය ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.