31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsයතුරුපැදියෙන් පැමිණි පෙම්වතා හිටපු පෙම්වතිය හප්පයි - පෙම්වතිය රෝහලේ

යතුරුපැදියෙන් පැමිණි පෙම්වතා හිටපු පෙම්වතිය හප්පයි – පෙම්වතිය රෝහලේ

පෙම් ආරවුලක් හේතුවෙන් කෝපයට පත් වූ පෙම්වතෙකු, පසුගිය 04 වනදා මව සමඟ මාර්ගයේ ගමන් කරමින් සිටි හිටපු පෙම්වතියව යතුරුපැදියකින් හප්පා තුවාල සිදුකිරීමේ පුවතක් වාර්තා වනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පෙම්වතා මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කටුවැල්ලේගම, තොටිල්ලගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

පැමිණිලිකාර තරුණිය සහ සැකකාර තරුණයා අතර කලක් ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇති බවත්, තරුණියගේ පාර්ශවයෙන් එම සම්බන්ධයට විරෝධතා මතුවීම නිසා අය එම සම්බන්ධය නවතා තිබෙනවා.

මිනුවන්ගොඩ, අලුතැපොල ප්‍රදේශයේ පදිංචි තරුණිය තම මව සමඟ නිවස ආසන්නයේ පිහිටි වෙළඳසැලක් වෙත පාගමනින් යමින් සිටියදී සැකකරු යතුරුපැදියකින් පැමිණ පෙම් සම්බන්ධතාවය නවතාලීම සම්බන්ධයෙන් ඇයට තර්ජනය කර, මෙලෙස යතුරුපැදියෙන් හප්පා ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.

යතුරුපැදියේ ගැටී තුවාල ලැබූ තරුණිය මිනුවන්ගොඩ මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධියට අදාළ සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.