27.2 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරේගු වංචා ගැන තොරතුරු ලබාදෙන අයට මුදල් තෑගි

රේගු වංචා ගැන තොරතුරු ලබාදෙන අයට මුදල් තෑගි

ආනයනය සහ අපනයනය අවස්ථාවල දී වන සියලුම රේගු වංචා පිළිබදව නිවැරදි තොරතුරු ලබාදෙන ඕනෑම පුද්ගලයෙකුට ත්‍යාග මුදල් පිරිනමන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

තහනම් හා සීමා කරන ලද භාණ්ඩ, නියමිත රේගු බදු නොගෙවන ලද භාණ්ඩ, නීති විරෝධී මත්ද්‍රව්‍ය, දුර්ලභ ශාඛ සහ සත්ව කොටස් ආනයන සහ අපනයනය මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති අයිතමයන් අපනයනය වැනි රේගු වංචා පිළිබදව නිවැරදි තොරතුරු ලබාදෙන්නන්ය මෙලෙස ත්‍යාග මුදල් පිරිනැමෙනවා.

එවැනි වංචා පිළිබදව තොරතුරු පැය 24 පුරා ක්‍රියාත්මක 011-2471471 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මෙලෙස තොරතුරු ලබා දෙන අයවලුන්ගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරක්ෂිත කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.