23.4 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉන්දියාවට

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉන්දියාවට

ඉන්දීය බලශක්ති සතියට සමගාමී උපාය මාර්ගික සමුළුව වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහභාගී වී සිටින බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පෙබරවාරි 6 සිට 8 දක්වා ඉන්දියාවේ බෙන්ගාලුරු හෙවත් බැංගලෝර්හි දී මෙම සමුළුව පැවැත්වේ.

තෙල් සහ ගෑස් ගවේෂණ, ඉන්‌ඩො ලංකා ජාල සම්බන්ධතාවය, පුනර්ජනනීය බලශක්ති සැලසුම් සහ එල්. එන්. ජී. පිළිබඳ මෙහි දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වූයේ.