27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalශ්‍රී ලංකාවේ ටියුනීසියානු තානාපතිනිය කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ටියුනීසියානු තානාපතිනිය කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ටියුනීසියානු තානාපතිනිය වන හේයත් ටැල්බි මහත්මිය පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු විය. පසුගියදා (03) පාර්ලිමේන්තුවේදී පැවති මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාද එක්ව සිටියේය.

දෙරට අතර රාජතාන්ත්‍රී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එමෙන්ම දෙරට අතර සංචාරක කර්මාන්තය වර්ධනය කිරිම, ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම මෙන්ම දෙරටේ පාර්ලිමේන්තු අතර අන්තර් පාර්ලිමේන්තු සබඳතා ශක්තිමක් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද මෙහිදි කරුණු සාකච්ඡා විය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ටියුනීසියාවේ උපරිම සහයෝගය ලබා දෙන බවද තානාපතිනිය මෙහිදී සඳහන් කළාය.