27.8 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලාංකිකයන් සඳහා කොරියානු රැකියා අවස්ථා 6500ක රැකියා කෝටාවක්

ශ්‍රී ලාංකිකයන් සඳහා කොරියානු රැකියා අවස්ථා 6500ක රැකියා කෝටාවක්

මේ වසරේ දී ශ්‍රී ලාංකිකයන් සඳහා කොරියානු රැකියා අවස්ථා 6500ක රැකියා කෝටාවක් ලැබී තිබෙනවා.

2023 වර්ෂයේ කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලංකාව වෙත අවස්ථා 6500ක් ලැබී ඇති අතර, ඉකුත් වසරේ දී ලැබී තිබුණේ 5047 රැකියා කෝටාවක් පමණයි.

ඒ අනුව ගිය වසරට වඩා 28.79%කින් රැකියා අවස්ථා ප්‍රමාණය වර්ධනය වී ඇති අතර මෙම වර්ෂය සඳහා ගිය වසරට සාපේක්ෂව නව රැකියා අවස්ථා 1453ක් ලැබී තිබෙනවා.

මෙය ශ්‍රී ලංකා කොරියානු රැකියා සඳහා ඉතිහාසයේ ලද වැඩි ම රැකියා අවස්ථා ප්‍රමාණය ද වනවා.

මෙම රැකියා අවස්ථා 6500 සඳහා අයදුමිකරුවන් 14588කට පොරොත්තු ලේඛණයේ රැඳි සිටීමට අවස්ථාව සලසා දි ඇති අතර, ඒ නිෂ්පාදන අංශය 12189ක්, ධීවර අංශය 2149ක් සහ ඉදිකිරීම් අංශයේ 250ක් ලෙසින්.

පසුගිය වසරේදි 5047 ක රැකියා කෝටාවක් ලැබී තිබුණත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කොරියානු මානව සමිපත් දෙපාර්තමේන්තුවෙන් දිගින් දිගටම කරනු ලැබූ ඉල්ලීම් අනුව ශ්‍රමිකයින් 6639 දෙනෙක් පිටත් කර යැවීමට හැකියාව ලැබුණා.

මෙම වසරේදී ලැබී තිබෙන රැකියා කෝටාව ඉක්මවා යන ශ්‍රමිකයින් පිරිසක් මේ වසරේදි පිටත් කර යැවීමට හැකියාව ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා.