26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුපිරි පාපන්දු තරුවක් තුර්කි භූ කම්පනයෙන් පසු සුන්බුන් අතර සිරවෙයි

සුපිරි පාපන්දු තරුවක් තුර්කි භූ කම්පනයෙන් පසු සුන්බුන් අතර සිරවෙයි

තුර්කියේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් කඩා වැටුණු සුන්බුන්වලට යට වූවන් අතර හිටපු සුපිරි පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියන් අට්සු ද සිටින බවට තොරතුරු වාර්තා වනවා.

චෙල්සි සහ නිව්කාසල් යුනයිටඩ් වෙනුවෙන් ක්‍රීඩා කළ අට්සු, රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූමිකම්පාවට හසුවීමෙන් පසු සුන්බුන්වලට යටවී ඇති අතර, ඔහු සෙවීම් සහ මුදා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

ඝානා ජාතික මැදපෙළ ක්‍රීඩකකු වන මොහු පසුගිය ගිම්හානයේ දී තුර්කි සුපර් ලීග් සමාජයක් වන හටායිස්පර් ක්‍ර්‍රිඩා සමාජය හා සමඟ ක්‍රීඩා කටයුතු ආරම්භ කරනු ලැබුවා.

භූමිකම්පාවෙන් පසු ඔහුගේ නව කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු ද සුන්බුන් අතර සිරව ඇති අතර, ඔවුන් සුන්බුන් අතරින් මුදා ගැනීමට හැකිව තිබෙනවා.

මේ අතර ඊයේ පැවති තරගයක දී අට්සු නියෝජනය කළ හටායිස්පර් ක්‍ර්‍රිඩා සමාජයට අවසන් මොහොතේ සුපිරි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඔහු ලබාගත් ගෝලයෙන් හැකියාව ලැබීමද විශේෂත්වයක්.