― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalරාජපක්ෂ පවුල එක්ක ඩීල් නැත්තේ සජබෙට විතරයි

රාජපක්ෂ පවුල එක්ක ඩීල් නැත්තේ සජබෙට විතරයි

රාජපක්ෂ පවුල සමඟ ඩීල් නැති සම්බන්ධ නැති එකම කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයේ බවත් වර්තමාන ආණ්ඩුව වරමක් නොමැති ආණ්ඩුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

මෙවැනි වරමක් නොමැති ආණ්ඩුවලට එක එක සංවිධාන සමඟ ගිවිසුම් ගසා මිනිසුන්ගේ ජන ජීවිත විනාශ කිරීමට ඉඩ නොදිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (05) මිනුවන්ගොඩ පැවැති ජන හමුවකට එක්වෙමිනි.

විපක්ෂය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස ඉල්ලා සිටියත් එය සඟවා ජනතාව පීඩාවට පත්වන ආකාරයට වත්මන් ආණ්ඩුව බදු පිට බදු පනවන බවත් ජනතාවට සහන සැලසීමට රටේ මුදල් නොමැති වුවත් නිදහස් දින තාවකාලික වැසිකිලි පද්ධතියක් ඉදි කිරීම සඳහා රුපියල් ලක්ෂ 142ක මුදලක් වැය කර ඇති බවත් පැවසීය.

ප්‍රේමදාස ජනාධිපතිතුමා රට පුරා කර්මාන්තශාලා ඇති කරන විට ඇතැම් විප්ලවවාදීන් එම කර්මාන්තශාලා ගිනිබත් කළ බවත් ඔවුන් දැන් ඒ අතීතය අමතක කොට රට හදන්න අවස්ථාව ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම වත්මන් ආණ්ඩුව ගසන ගිවිසුම්වලට ගරු කිරීමට බැදී නොසිටියත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ජනතාව පැත්තේ සිටගෙන ගණුදෙනු කරන බවත් එහි දී මිනිසුන්ගේ පැත්තෙන් සිතා කටයුතු කරන බවත් ඒ සඳහා සමගි ජන බලවේගයට හොඳ හැකියාවක් ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

තවද රට හදන්න පුළුවන් කියා දේශපාලන සංදර්ශන කරන විකල්ප කණ්ඩායම 2005 මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට කටයුතු කළ බවත් එබැවින් රට විනාශ කළ රාජපක්ෂ පවුල සමඟ ඩීල් නැති සම්බන්ධ නැති එකම කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගය සතුව බවත් එම නිසා හොරු ඇල්ලීමේ හැකියාව හොඳින්ම ඇති බවත් එසේ හොරු අල්ලා හොරා කන ලද සියලු මුදල් නැවත රටට ලබා ගන්නා බවත් පැවසීය.