29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනියම් සැමියකුගේ දිවි තොර කළ පුද්ගලයෙකුට මරණ දණ්ඩනය

අනියම් සැමියකුගේ දිවි තොර කළ පුද්ගලයෙකුට මරණ දණ්ඩනය

සිය බිරිඳ සමඟ ත්‍රිරෝද රථයකින් පැන යමින් සිටි අනියම් සැමියකු පිහියෙන් ඇන මරා දමීමේ චෝදනාවට වරදකරු කෙරුණු දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

ඔහු කොළඹ, මෝදර ප්‍රදේශයේ පදිංචි අයෙක්.

2018 වසරේ මාර්තු මස 12 වැනි දින සවස මෝදර රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ දොරටුව අසල දී මෙම මිනීමැරුම සිදු වූ බව නඩු විභාගයේ දී අනාවරණය වූ බවයි වාර්තා වන්නේ.

මරණය සිදු කිරීමේ චේතනාවෙන් පිහි ඇනුම් 16 ක් මරණකරු වෙත එල්ල කොට විත්තිකරු මෙම මරණය සිදු කර ඇතැයි සඳහන් කළ විනිසුරුවරයා මේ තුළින් ඔහු සැලසුම් සහගත චේතනාවකින් මෙම අපරාධය සිදුකර ඇති බවත් කියා සිටියා.

ඒ අනුව විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම දඬුවම ප්‍රකාශයට පත් කර තිබෙනවා.