අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට සූදානම් බවත් පොහොට්ටුව වෙනුවෙන් කැප වී වැඩකරන අයව කිසිදවසක අතරමං නොකරන බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ කියා සිටියේ දේශපාලනය කිරීමට ද්විත්ව පුරවැසිභාවය බාධාවක් නම්, එය ඉවත් කර ගැනීමට තමා කටයුතු කරන බවයි.