― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගුවන් ගමන් පාලකවරුන් රට හැර යාමෙන් මෙරට ගුවන් ගමන් දැඩි අවදානමක

ගුවන් ගමන් පාලකවරුන් රට හැර යාමෙන් මෙරට ගුවන් ගමන් දැඩි අවදානමක

ගුවන් ගමන් පාලකවරුන් දිගින් දිගටම සේවයෙන් ඉවත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියේදී දැඩි අර්බුදයකට මුහුණදිය හැකි බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය පවසයි.

ඔවුන් පවසන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවට නිලධාරීන් 138 දෙනෙකු අවශ්‍ය වුවද දැනට සේවයේ සිටින්නේ නිලධාරීන් 81 දෙනෙකු පමණක් බවයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ තවත් නිලධාරීන් 4ක් හෝ 5ක් සේවයෙන් ඉවත් වුවහොත් මෙරට ගුවන් ගමන් කටයුතු දැඩි අවදානමක් ලක්වීමට ඉඩ ඇති බවය.

ඒ අනුව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගණපූර්ණයක් නොමැතිවුවහොත් ඉදිරියේදී ජාත්‍යන්තර සිවිල් ගුවන් සංගමය විසින් අපට අයත් ගුවන් කලාපය යාබද වෙනත් රටකට පවරාදීමේ බරපතළ අවදානමක් ද පවතින බවය.

එසේ වුවහොත් ශ්‍රී ලංකාව වෙත බරපතළ විදේශ විනිමය ආදායමක් ද අහිමිවීමේ දැඩි අවදානමක් පවතින බවත් එම සංගමය පැවසීය.

#mawrata