පසුගිය වසරේ අරගල සමයේදී ධුරයෙන් පහ කරනු ලැබූ ගෝඨාභය රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය තුනක කාලයක් ප්රශ්න කර ප්රකාශ සටහන් කරගෙන තිබේ.
ජනාධිපති මන්දිරයේ තිබියදී පසුගිය අරගල කාලසීමාවේ අරගලකරුවන් විසින් සොයාගත් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදල සම්බන්ධයෙනුයි ගෝඨාභයගෙන් ඊයේ (06) දිනයේදී මෙලෙස ප්රකාශ සටහන් කරගෙන ඇත්තේ.
අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂගේ නිවසට ගොස් මෙම ප්රශ්න කිරීම සිදු කර ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.