30 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsණය බරින් නිදහස් වෙන්න ලියුම් බෙදන ගමන් මත්කුඩු ප්‍රවාහනය කළ තැපැල් සේවකයා

ණය බරින් නිදහස් වෙන්න ලියුම් බෙදන ගමන් මත්කුඩු ප්‍රවාහනය කළ තැපැල් සේවකයා

ණය බරින් නිදහස් වෙන්න  ලියුම් බෙදන ගමන් කුඩු ප්‍රවාහනය කළ තැපැල් සේවකයකු හෙරෝයින් මිලිග්රෑම් 5150 සමග (6) අත්අඩංගුවට ගත් බව අගුලාන පොලිසිය පැවසීය.

සැකකාර ලියුම් බෙදන්නා කුඩු බෙදාහරින බවට ලැබුන තොරතුරකට අනුව සිදුකල සෝදිසියේදී සැකකරු සන්තකයේ තිබී හෙරෝයින් සොයා ගත් බව පොලිසිය පැවසීය.

සැකකරු මත්ද්‍රව්‍යට ඇබ්බැහි නොවු පුද්ගලයකු බව සදහන් කළ පොලීසිය ඔහු බෙදා හැර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට නම් දැරු කුඩු අංජු නමැත්තාගේ හෙරෝයින් බවට තොරතුරු හෙලිවී ඇතැයි පොලිසිය පැවසීය.

රජයේ රැකියාවකුත් තිබියදී ජාවාරමට යොමුවුනේ ඇයිදැයි සැකකරුගෙන් විමසු විට ලැබෙන වැටුප ජීවත් වීමට ප්‍රමානවත් නැති බව සදහන් කළ ඔහු සිය දියණියට අයිස්ක්‍රිමක් අරන් දෙන්නවත් වැටුප ඉතිරි නොවන බැවින් මෙසේ මුදල් ඉපයිමට යොමු වු බවට ඔහු පාපොච්ඡාරණය කළ බව පොලිසිය පැවසීය.

පවුලේ ආර්ථිකය ගොඩ ගැනීමට මෙසේ හෙරෝයින් ප්‍රවාහනයට යොමුවු බව සැකකරු විසින් වැඩිදුරටත් හෙළිකල බව පැවසීය.

අත්අඩංගුවට පත් සැකකරු ගේ පෙර වැරදි නැති බව සදහන් කල පොලිසිය සැකකරු ශාන්ත සේවියර් පල්ලිය පිටුපස නිවස අසලදී අත්අඩංගුවට ගත් බව පැවසීය.