― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපියාගේ අපලය දුරු කරන්න දින 08ක් පුරා දැරියකට හදි කළ කපුවා සොයා...

පියාගේ අපලය දුරු කරන්න දින 08ක් පුරා දැරියකට හදි කළ කපුවා සොයා පරීක්ෂණ

ගාල්ල ඕපාත ප්‍රදේශයේ දොළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කළේ යැයි කියන කපුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඕපාත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සැමියාට ඇතැයි කියන අපලයක් දුරු කර ගැනීමට යැයි කියා ඔහුගේ බිරිය මෙම කපුවා ඇගේ නිවෙසට ගෙන්වාගෙන ඔහු ලවා ශාන්ති කර්මයක් කරවාගෙන ඇති අතර දොළොස් හැවිරිදි දියණියට දේව වරමක් ලබාදිය හැකි බව පවසා මෙම කපුවා විසින් කාමරයක් තුළ අදාළ දැරිය දින 08ක් තිස්සේ රඳවාගෙන යාතිකා කරමින් ඇය දූෂණය කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිය දියණියට දේව වරමක් ලබා ගැනීමට ඇයගේ මවුපියන් කපුවාට කැමැත්ත ලබා දී ඇති අතර පුද පූජා පවත්වා දින අටකට පසුව ඇයට දේව වරම ලැබෙන බව කපුවා පැවසීමෙන් පසුව කපුවා එම දැරිය සමග නිවසේ කාමරයක එම කාලය ගත කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

දින 8ක කාලයක් පිරුණු දින රාත්‍රියේ දැරිය පමණක් නිවසේ තබා සියලු දෙනාටම තමා දැනුම් දෙන තෙක් නිවෙසින් පිටව යන ලෙස කපුවා දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි. අදාළ ප්‍රදේශයේ විදුලිය කප්පාදු කළ අවස්ථාවේ කපුවා දැරිය දූෂණය කර ඒ ගැන කිසිවකුටත් නොකියන ලෙස දැරියට දැනුම් දී ඇති බවත් කාට හෝ මේ ගැන පැවසුවහොත් පවුල පිටින්ම මරා දමන බවට පිහියක් පෙන්වා තර්ජනය කර ඇති බවත් පොලීසිය අවධාරණය කරයි.

දූෂණයට ලක්වූ දැරිය මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කර ඇති අතර ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇය දූෂණයකට ලක්ව ඇති බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි පොලිසිය පවසයි.