― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපෞද්ගලික අංශයේ සේවකයින්ටත් සෞඛ්‍ය රක්ෂණයක්

පෞද්ගලික අංශයේ සේවකයින්ටත් සෞඛ්‍ය රක්ෂණයක්

2023 අයවැය කතාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පෞද්ගලික අංශයේ සේවකයින්ටත් අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණයට සමාන සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේය.

එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි 1980 අංක 46 දරන සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.